මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී සිදුවීමෙන් මියගිය රැඳවියන්ගේ පවුල් වෙනුවෙන් රජයෙන් වන්දි මුදලක් ලබා දීමට තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසීය.
අදාළ සිදුවීමෙන් විපතට පත් බන්ධනාගාර නිලධාරීන්ට මෙන් මියගිය රැඳවියන්ගේ පවුල් වෙනුවෙන් ද වන්දි මුදලක් ගෙවීමට තීරණයක් ගෙන ඇත්දැයි WhatNews කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පකාශ කළේය.
කෙසේ වෙතත්, මෙම වන්දි මුදල් ලබා දීමේ ක්‍රියාවලිය කුමන ආකාරයෙන් සිදු කරන්නේද යන්න සම්බන්ධයෙන් තවමත් අවසන් හෝ වැඩිදුර තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
