සලේගේ පෙත්සමට කාදිනල් හිමිගෙන් අතරමැදි පෙත්සමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඔහුට එරෙහිව ලබාගෙන ඇති රැඳවුම් නියෝගය බලරහිත කරන ලෙස ගොනුකර ඇති රිට් පෙත්සමට මැදිහත් වීම සඳහා වූ පෙත්සමක් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමි ගොනුකර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයන්ට බාධා නොකරන ලෙස කාදිනල් හිමියන්ගේ අතරමැදි පෙත්සමෙන් ඉල්ලා ඇති අතර හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ ඔහුගේ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගෙන ඇති රැඳවුම් නියෝගය බලරහිත කරන ලෙසයි.

කාදිනල් හිමිගේ පෙත්සම හෙට (ජුලි 17) අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය හා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ සලකා බැලීමට නියමිතය.

මීට පෙර සුරේෂ් සලේගේ පෙත්සම සම්බන්ධයෙන් ගුණදාස අමරසේකර හා බෞද්ධ හිමිවරු කිහිප දෙනෙකු අතරමැදි පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබූණි.

Author

Related Posts