ඇෆලටොක්සින් වැඩිනම් සැකසූ දියර කිරි තහනම්- පාරිභෝගික අධිකාරියෙන් විධානයක්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රකාශ කර ඇති එස්එල්එස් ප්‍රමිතියේ ඇති උපරිම ඇෆලටොක්සින් මට්ටමට වැඩි සැකසූ දියර කිරි තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩ බලන සභාපති එස් එම් ඩී සූරියකුමාර විධානයක් නිකුත් කර ඇත.

ඒ අනුව එස් එල් එස් 1815 ප්‍රමිතියෙන් නියම කර ඇති කිලෝ ග්‍රෑමයක් සඳහා ඇෆලටොක්සින් මට්ටමට මයික්‍රෝ ග්‍රෑම් 0.5ක් යන උපරිම මට්ටමට වැඩි සැකසූ දියර කිරි නිෂ්පාදනය, සෑදීම, ආනයනය, ඇසුරුම් කිරීම, සැපයීම, ගබඩා කිරීම, බෙදා හැරීම, ප්‍රවාහනය කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශණය කිරීම තහනම් කර තිබේ.

එම විධානය සියලුම නිෂ්පාදකයින්, සාදන්නන්, ආනයනකරුවන්, ඇසුරුම්කරුවන්, සපයන්නන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන්, ප්‍රවාහනය කරන්නන් හා වෙළෙන්දන් වෙත නිකුත් කර තිබේ.

ජුලි 09 දින අංක 2496/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් එම විධානය නිකුත් කර ඇති අතර එය 2027 ජනවාරි මස 08 දින සිට බලාත්මක වන බවද එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading