මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන් ඉල්ලා අස්වෙයි

අසේල කුරුළුවංශ

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකර තිබේ.

පෞද්ගලික හේතුවක් මත ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් මහතා කීය.

මහචාර්ය සරත් අභයකෝන් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයේද කලක් කටයුතු කළේය. ඒ මහතා 2024 සැප්තැම්බර් මස 25 දින ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කරනු ලැබීය.

ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්වන බව දන්වමින් ජනපතිවරයා වෙත යොමු කළ ලිපිය පිළිගත් හෝ නොගත් බව මෙතෙක් තමන්ට දැන ගැනීමට නොලැබුණු බවද හෙතෙම අවධාරණය කළේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධුරයේ කටයුතු කළ මංජුලා මඩහපොළ මහත්මියද පසුගියදා විශ්‍රාම යෑමෙන් එම තනතුරද පුරප්පාඩු වී තිබෙන අතර එහි වැඩ බැලීම සඳහා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඉෂාන් විජේතිලික මහතා පත්කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading