සාමනේර හිමිවරුන් තිදෙනෙකු අපයෝජනය කළ හිමිවරු දෙන්නෙක් සහ ගිහියෙකු අත්අඩංගුවට

අසේල කුරුළුවංශ

2026.07.09 දින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 දරණ උපකාරක මැදිරියට ලද පණිවිඩයකට අනුව අංක 33, විහාර පාර, මාතලේ ලිපිනයේ පිහිටි විද්‍යාසේකර මහා පිරිවෙනේ නේවාසිකව ඉගෙනුම ලබන කුඩා සාමනේර හිමිවරුන් 03 නමකට වැඩිහිටි ස්වාමීන් වහන්සේලා පිරිසක් විසින් ලිංගික අපයෝජන සිදු කරන ලද බවට මාතලේ පොලිස් ස්ථානය වෙත සිදු කරන ලද පැමිණිල්ලට අදාලව විමර්ශනය සිදු කර 2026.07.13 දින හිමිවරුන් දෙනමක් හා ගිහි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොණකලගල, අල්වත්තේගොඩ ශ්‍රී සද්ධානන්ද මහා පිරිවෙනේ වන්නම්කුලමේ සෝභිත හිමි, අකුරම්බඩ, කන්දේවත්ත ශ්‍රී සුදර්ශනාරාමයේ ඔලගන්වත්තේ සිරි රාහුල හිමි සහ කලකිරියාගම, මීවනපලාන පදිංචි මහේන්ද්‍ර රුවන් පුෂ්පකුමාර නැමැති සිවුරු හැර ගිය ගිහි පුද්ගලයෙකි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 සේවා පියස වෙත ලද තොරතුරකට අනුව මාතලේ පොලිස් ස්ථානය මගින් සිදු කළ පුළුල් විමර්ශනයකින් පසු මෙම සැකකරුවන් කොටු කර ගැනීමට හැකි වී ඇත.

බරපතළ ලිංගික අපයෝජන සහ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා 2026 ජූලි 13 වැනිදා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන ජූලි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading