ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර මුද්‍රණය සඳහා ලබාදුන් ආයතනය ඒවා නියමිත දිනට කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල වෙතට බාර නොදීම හේතුවෙන් වයඹ පළාත තුළ පවත්වන වාර විභාග හෙට (ජුලි 15) දින සිට අත්හිටුවීමට එම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ජේ ඒ එම් පී ජයතිලක තීරණය කර ඇත.
ඒ සම්බන්ධයෙන් වන දැනුම් දීම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ විසින් ජුලි 13 දින සහිතව සියලුම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර එහි පිටපත් වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයාට හා වයඹ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කර ඇත.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය එම ලිඛිත දැනුම් දීමේ සඳහන් කරන්නේ මුද්‍රණ ආයතනය ජුලි 15 දින සිට ජුලි 20 දින දක්වා නියමිත ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර පැකට් කර කොට්ඨාශ කාර්යාල වෙත නියමිත දින බෙදා හැරීම සිදුකළ නොහැකි බව ලිඛිතව දැනුම් දී ඇති බවයි.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සඳහන් කරන මුද්‍රණ ආයතනය රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව බව තහවුරු කර ගැනීමට හැකිවූ අතර එම ආයතනයට කතාකර එහි සභාපතිවරයා හෝ සාමාන්‍යාධිකාරිවරයා සම්බන්ධකර ඒ පිළිබඳව විමසීමට උත්සාහ කළද ඔවුන්ව දුරකතන ඇමතුම්වලට සම්බන්ධකර ගැනීමට නොහැකි විය.
