මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් දෙකෝටි හතලිස් නව ලක්ෂයකට (රු. 24,921,537) අධික මුදලක් ඊෂි කෑස් ක්‍රමයට දුරකතන අංකයක් වෙත බැරවීම සම්බන්ධයෙන් එම දුරකතන සිම්පතේ ලියාපදිංචි හිමිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එසේ අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 24ක් වන වලපනේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද, සැකකරු විදෙස් ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පවත්වන ලද අයකු බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
එමෙන්ම සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ජුලි 13 දින ඉදිරිපත් කිරීමෙන් පසු ජුලි 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලීසිය නිවේදනය කරයි.
එම සැකකරු හඳුනාගනු ලැබුයේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ වැරදි යටතේ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන කළ විමර්ශනවලදී අනාවරණය කරගත් තොරතුරු අනුව බව වැඩිදුරටත් පොලිසිය සඳහන් කරයි.
