අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාශභංග යෝජනාවට අත්සන් ලබාගැනීම අද (ජුලි 10) පාර්ලිමේන්තුවේදී සිදුවිය.
මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවය නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේද ආරක්ෂාව පිළිබඳ සිය වගකීම හා වගවීම ඉටුකිරීමට අපොහොසත් වීම මෙම විශ්වාශභංගයට හේතු වී ඇත.
ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් තැබීම අද සිදුවී ඇත.
