දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය යළි යථා තත්වයට පත්කිරීම සඳහා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව රුපියල් බිලියන 500ක මුදලක් වෙන්කරගත් බවත් ඉන් මේ වනවිට වැය කර ඇත්තේ රුපියල් මිලියන 248ක මුදලක් බවත් මුදල් නියෝජ්‍ය ඇමති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසීය.
ඔහු ඒ බව අද (ජුලි 10) දින පැවසුවේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. එහිදී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා අසනු ලැබුයේ දිට්වා සුළි කුණාටුවේ හානි යළි යථා තත්වයට පත්කිරීමට රී බිල්ඩින් ශ්‍රී ලංකා යනුවෙන් අරමුදල් ඇතිකරන බව කියමින් ඒ සඳහා අධාර කරන ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවත්, එම මුදල් බැරවී ඇත්තේ කුමන ගිණුමකටද යන්න හා ලැබී ඇති මුදල් ප්‍රමාණය කොපමණද යන්නය.
ඒ පිළිතුරු ලබාදෙමින් මුදල් නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේ ඒ සඳහා විශේෂ ගිණුමක් ආරම්භ කර නැති බවත්, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට එම මුදල් ලැබී ඇති බවත් හා ඒ රුපියල් බිලියන 11ක මුදලක් බවය.

500Bn – 248Mn – Is this correct?