මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ඔහුට එරෙහිව පවරා ඇති බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ නඩුවේ එක් චෝදනාවකට වරද පිළිගෙන ඇති අතර ඒ සඳහා රුපියල් 2500 ක දඩ මුදලක් නියම කර ඇත.
රිය අනතුරක් වළක්වා නොගැනීම යන පළමු චෝදනාවට ඔහු වරද පිළිගෙන ඇති අතර ඔහුට එරෙහිව ඇති අපරික්ෂාකාරිව රිය පැදවීම හා බීමත්ව රිය පැදවීම යන චෝදනා ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳව තීන්දුවක් ප්‍රකාශ කිරීම සඳහා අද (ජුලි 09) එම නඩුව කැඳවා තිබී ඇත.
ඒ අනුව ඔහුට එරෙහිව ඇති ඉතිරි චෝදනා සම්බන්ධයෙන් නඩුව විභාගයට ගැනීමටත්, අද දින නියම කරන ලද දඩ මුදල ගෙවීම සඳහා එම නඩුව යළි අගෝස්තු 20 කැඳවීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා නියෝග කර ඇත.
