කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස මෑතකදී කටයුතු කොට අධිකරණ සේවා කොමිෂන් සභාවේ සහකාර ලේකම් ලෙස මාරුවීමක් ලබා සිටි ඉසුරු නෙත්තිකුමාර මහතාව හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා ලෙස මාරු කර යවා ඇතැයි වාර්තා වේ.
ඔහු මීට වසර කිහිපයකට පෙර හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා ලෙස පත්වීම් ලබා එයින් පසු ගාල්ල සහ කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙසද කටයුතු කර තිබුණි.
ආන්දෝලනාත්මක පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබද නඩු විභාගය මෙන්ම රනිල් වික්‍රමසිංහගේ වුල්වර්හැම්ප්ටන් සංචාරය පිළිබද නඩුව ඇතුළු නඩු රැසක් ඔහු කොටුව මහේස්ත්‍රාත්වරයාව සිටියදී විභාග කරන ලදී.
