අර්චුනාව මට පේන්න බෑ, පොන්නම්බලම් කථානායකට ලියයි

තමාගේ අවධානය වෙනතකට යොමු වන බැවින් තමාට නුදුරින් අසුන් පනවා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයාට වෙනත් ස්ථානයක අසුන් පනවන ලෙස සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කථානායකවරයාගෙන් ඉල්ලා ඇත.

අර්චුනා මන්ත්‍රීවරයා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රසිද්ධියේ තමාට අපහාස කරමින් ප්‍රචණ්ඩකාරි ලෙස තර්ජනය කරමින් සිටීම එසේ අරචුනා මන්ත්‍රීවරයාගේ අසුන වෙනස් කරන ලෙස ඉල්ලීමට එක හේතුවක් බවද එහි සඳහන් කර තිබේ.

එමෙන්ම පොන්නම්බලම් මන්ත්‍රීවරයා එම ඉල්ලීමේ අවධාරණය කර ඇත්තේ අර්චුනා මන්ත්‍රීවරයා ස්වාධීන කණ්ඩායමකින් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති මන්ත්‍රීවරයකු බවද, එවැනි මන්ත්‍රීවරු සඳහා අසුන් පනවනු ලබන්නේ පිළිගත් දේශපාලන පක්ෂවල සියලුම ජ්‍යෙෂ්ඨ නායකයින් සහ මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමෙන් පසුව බවද, එහෙත් එම සාමාන්‍ය සම්ප්‍රදායට පටහැනිව දේශපාලන පක්ෂ නායකයින් හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතර අර්චුනා මන්ත්‍රීවරයාට අසුන් පනවා ඇති බවයි.

Author

Related Posts