විශේෂ මාධ්‍ය මෙහෙයුම් මැදිරියක් හදන්න ආණ්ඩුව සාකච්ඡා කරයි

සියලු මාධ්‍යවේදීන්ට හා රජයට තොරතුරු හුවමාරු කරගත හැකි විශේෂ මාධ්‍ය මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් සිදුකෙරී ඇත.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය පිළිබඳ පූර්ව සාකච්ඡාවේදීය.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාව ජුලි 08 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති අතර එයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ආචාර්ය කෞෂල්‍ය ආරියරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

Author

Related Posts