පරිභෝජනයට නුසුදුසු සීනි ගබඩා කර තබා ගනිමින් ඒවා වෙළෙඳපොළට යැවීමට සූදානම් කළේ යැයි කියන සමාගමේ හිමිකරුවන් අත්අඩංගුවට නොගෙන එහි සේවකයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අධිකරණය ප්‍රශ්න කර ඇත.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය විසින් එසේ ප්‍රශ්න කර ඇති අතර ඒ ජුලි 07 දින පරිභෝජනයට නුසුදුසු සීනි මෙටි්රක් ටොන් 4250කට අධික ප්‍රමාණයක් ගබඩා කර තබා ගනිමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තබා ගැනීම සම්බන්ධයෙන් විල්සන් සීනි සමාගමට එරෙහි පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදීය.
එම සමාගමේ හිමිකරුවන් නිසි ලෙස හඳුනාගෙන බී වාර්තාවට ඇතුළත් කර තිබියදී සැකකරුවන් ලෙස සේවකයන් අධිකරණයට ඉදිරිපත් කිරීම පලක් නොවන බව එහිදී පෙන්වා දී ඇති අතිරේක මහේස්ත්‍රාත්වරිය අධිකරණයට ඉදිරිපත් කළ එම සමාගමේ සේවකයන් සිව් දෙනා රුපියල් ලක්ෂ දහය බැගින් වූ පුද්ගල ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.
එමෙන්ම එම සීනි තොගයේ සාම්පල රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් කැඳවීමටත්, සීනි ගබඩාවට සීල් තබන ලෙසත් නියෝග කර ඇත.
