ආණ්ඩුවේ ඇමතිලා 3කට, ලේකම්ලා 03කට, මන්ත්‍රීවරු පිරිසකට හා ගලගොඩඅත්තේ ඇතුළු බෞද්ධ භික්ෂූන්ට පොලිස් ආරක්ෂාව ලබාදීලා

මැති ඇමතිවරුන්ට මෙතෙක් ලබාදුන් පොලිස් ආරක්ෂාව ඉවත්කර ඇති බව ආණ්ඩුව ප්‍රකාශ කර ඇතත් මාලිමා ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙකුට හා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ප්‍රභූ ආරක්ෂාව යටතේ පොලිස් ආරක්ෂාව ලබාදී ඇතැයි අනාවරණය වේ.

මේ බව අනාවරණය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිඅළිබඳ ඇමතිවරයාගෙන් ජුලි 07 දින අසන ලද ප්‍රශ්නයකට ලැබුණ පිළිතුරු අනුවය.

මීට අමතරව වත්මන් ආණ්ඩුවේ අමාත්‍යාංශ ලේකම්වරු කිහිප දෙනෙකුට හා හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටද, රජයේ හා රජයේ නොවන තනතරු දරන කිහිප දෙනෙකුටද, ආගමික නායකයන් ඇතුළු පූජ්‍ය පක්ෂයේ පිරිසකටද ප්‍රභූ පොලිස් ආරක්ෂාව ලබාදී ඇත.

මෙම පොලිස් ආරක්ෂාව ලබාදී ඇත්තේ නිල වශයෙන් පොලිස් ආරක්ෂාව ලබාදෙන ජනාධිපති, අගමැති, හිටපු ජනාධිපතිවරුන්, අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන්, වෙනත් අධිකරණ නිලධාරින්, විදේශ තානාපතිවරුන් හා අනෙක් පුද්ගලයන්ට අමතරවය.

තවද වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ තවත් සිවිල් පුරවැසියන් කිහිප දෙනෙකුටද පොලිස් ආරක්ෂාව ලබාදී ඇත.

ඒ අනුව ඇමතිවරුන් වන ආනන්ද විජේපාල, සුසිල් රණසිංහ, චන්දන අබේරත්නටද, අමාත්‍යාංශ ලේකම්වරු වන සම්පත් තුයියකොන්තා, රවී සෙනෙවිරත්න, හර්ෂණ සූරියප්පෙරුමටද, මන්ත්‍රීවරුවන් වන කබීර් හෂීම්, ෂානික්කයන් රාසමානික්කම්, එස් ශ්‍රී ධරන්, අශෝක සපුමල් රංවල, සරත් කුමාර, ආර් එම් රංජිත් මද්දුම බණ්ඩාර, අගලකඩ ආරච්චිගේ අජිත් ශාන්ත ප්‍රියදර්ශන, රුවන් විජේවීර, ඩබ් එච් එම් ධර්මසේන, තිලංක යූ ගමගේ, එස් අඩෙක්කනාදන්, සුනිල් බියන්වල, දිනේෂ් හේමන්තටද, හිටපු මන්ත්‍රීවරුන් වන කරූ ජයසූරිය, එම් ඒ සුමන්තිරන්, විනයාගමූර්ති මුරලිදරන්, ඩග්ලස් දේවානන්ද, එම් එච් මොහොමඩ් කබීර්ට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත.

දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීල් නිලංග දෑල, සෙන්ට්‍රල් ෆිනෑන්ස් අධ්‍යක්ෂ චන්දික කුෂාන් හෙට්ටිආරච්චි, ආදි වාසි නායක ඌරුවරුගේ වන්නිලාඇත්තෝ, රජයේ අධිනීතිඥ පළුගස්වැව සිරන්තක, දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩු, උතුරු පළාත් ආණ්ඩුකාර ටී වේදනායගන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන් හා මධ්‍යම පළාත් රදගුරු වැලන්ස් මෙන්ඩිස්ට හිමිට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත.

මල්වතු මහනායක තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි මහනායක වරකාගොඩ ධම්මසිද්ධි, මල්වතු අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම, මල්වතු පාර්ශවයේ ගෞරවාර්භ අනුනායක නියංගොඩ විජිතසිරි, අස්ගිරි අනුනායක නාරම්පනාවේ සද්ධර්ම වාගීස්වර ශ්‍රී සුමනතිස්ස ආනන්දාභිධාන, අමරපුර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති, රාමඤ්ඤ මහානායක මකුලෑවේ ශ්‍රී විමලාභිධාන, අමරපුර චූලගණ්ඩි මහා නිකායේ මහනායක තංගුනේ අස්සජි, තල්පිටිය බෝධිරාජ මහ විහාරයේ කෝට්ටේ පාර්ශවයේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල, සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර, මුරුතලාව, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරතන, එල්ලාවල මේධානන්ද, උතුරු නැගෙනහිර හා තමන්කඩුව දිශාවේ ප්‍රධාන සංඝනායක පනාමුරේ තිලකවංශ, බෙලිහුල්ඔය සීලසමාහිත ආරණ්‍ය සේනාසනාධිපති කන්දේකුඹුරේ රාධ, කල්‍යානි වංශික පාර්ශවයේ අනුනායක තපෝවන මිතබානි, බොදුබල සේනාවේ සංවිධායක ගලගොඩඅත්තේ ඥානසාර, ශ්‍රී පාද ස්ථානාධිපතිට, මහියංගන රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්ම රඛිත, කිරිවෙහෙර රජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද, කල්මුණ ශ්‍රී සුබද්‍ර විහාරාධිපති හෑගොඩ විමලඥාන, මහඔය අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිපති කිරිඳිවැල ශ්‍රී සෝරත, පොතුවිල් මුහුදු මහා විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි, අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසන විහාරාධිපති දීඝවාසී සුසීම, එරගම දීඝවාපී පුරාණ රජමහා විහාරාධිපති මහඔය සෝභිත යන බෞද්ධ හිමිවරුන්ටද පොලිස් ආරක්ෂාව ලබාදී ඇත.

Author

1 Comment

  • බලාගෙන යනකොට වැඩියෙන්ම ආරක්ෂාව ඕනේ වෙලා තියෙන්නේ හාමුදුරුවරුන්ට

Comments are closed.

Related Posts