හොර ඔප්පු හැදූ ඉඩම් රෙජිස්ටාර්වරියක් අත්අඩංගුවට

කොළඹ ප්‍රදේශයේ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයක ඉඩම් රෙජිස්ටාර්වරියක වශයෙන් කටයුතු කරමින් ව්‍යාජ ලේඛන සකස් කොට ඉඩම් බැහැර කිරීම සම්බන්ධයෙන් ඉඩම් රෙජිස්ටාර්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවි විසින් ජුලි 07 දින අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

එම ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ පත්තිරු, වෙළුම් ඔප්පුවල දෙවන පිටපත් වල වෙළුම් වලට බැඳ ඇති ලේඛන බාහිර පාර්ශවවලට ලබාදී සංවිධානාත්මකඅපරාධ සඳහා ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය හා නීත්‍යානුකූල අයිතිකරුවන්ගේ ව්‍යාජ ලේඛන සකස් කොට එම ඉඩම් බැහැර කිරීම අත්අඩංගුවට ගත් ඉඩම් රෙජිස්ටාර්වරියට නඟා ඇති චෝදනා වේ.

එසේ අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 51ක් වන පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන බවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය එම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading