මන්ත්‍රී අර්චුනාගේ මන්ත්‍රී ධුරය ගැන පෙත්සම අගෝස්තු 31 විභාගයට

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් අගෝස්තු 31 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ජුලි 02 දින තීරණය කර ඇත.

රජයේ වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියදී ඉන් ඉවත් නොවී පාර්ලිමේන්තුවට තේරී පත්වීම නීතියට පටහැනි හෙයින් ඔහුගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි එම පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

එම පෙත්සම අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් විසින් ඉදිරිපත් කර තිබූ අතර එම පෙත්සම විභාගය සඳහා ආසන්න දිනයක් ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයා කර තිබූ ඉල්ලීමකට වග උත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා විරෝධය පළ නොකිරීම නිසා එසේ දින නියම කෙරී ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading