නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති ජොහන්නස් ප්‍රැන්සිස් ඇලන් සහ එම පක්ෂයම නියෝජනය කරන මන්ත්‍රී ආර් දුෂාන්ත් නෝර්වුඩ් නගර මාධ්‍යයේ සිදුකරගත් ගුටිකෙළියක් හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇම මත මුදාහැර තිබේ.
දෙපාර්ශවයෙන්ම ලැබුණ පැමිණිලි මත ජුනි 30 දින පොලීසියට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු සමථයකට පත්වීමට අකමැති වීම හේතුවෙන් ඔවුන්ට ජුලි 06 දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
ජාතික ජන බලවේගයේ නෝර්වුඩ් සභාපතිවරයා හා ප්‍රාදේශීය සභා සභාපතිවරයා නෝර්වුඩ් නගර මාධ්‍යයේ මෙසේ ගුටිබැට හුවමාරු කරගෙන ඇත්තේ ජුනි 25 දින වන අතර ඒ සඳහා හේතුවී ඇත්තේ සභාපතිවරයාට මන්ත්‍රීවරයා විසින් චෝදනා එල්ල කිරීම බව වාර්තා වේ.
