ආපදා සිදුවූ පසු ප්‍රතිචාර දැක්වීම වෙනුවට පූර්ව සූදානම ගැන සජිත්ගෙන් යෝජනා

ආපදා සිදුවූ පසු ඒවාට ප්‍රතිචාර දැක්වීමේ පිළිවෙතක් මත පමණක් ශ්‍රී ලංකාවට තවදුරටත් විශ්වාශය තැබිය නොහැකි බවත්, ඒ වෙනුවට විද්‍යාත්මක පුරෝකථන, අවදානම් තක්සේරු කිරීම් හා පූර්ව සූදානම් මඟින් ජාතික තීරණ ගැනීම මෙහෙයවනු ලබන අවදානම් අපේක්ෂා කරන්නා වූ පාලනයක් කර ක්‍රමයෙන් පරිවර්තනය වීමේ අවශ්‍යතාවයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර ඇත.

විපක්ෂ නායකවරයා ඒ බව අවධාරණය කර ඇත්තේ ව්‍යවසන කළමනාකරණය පිළිබඳ ජාතික සභාව ජුනි 30 දින ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී දිට්වා සුළි කුණාටුව හා අනෙකුත් මෑත කාලීන ආපදාවලින් උගත් පාඩම් පිළිබඳ සිය අදහස් ඉදිරිපත් කරමිනි.

තමාගේ එම අදහස් දැක්වීම් රජය විවේචනය කිරීමක් හෝ රාජ්‍ය ආයතන විසින් දැනටමත් සිදු කරනු ලබන වටිනා කාර්යයන් අවතක්සේරු කිරීමට ගන්නා උත්සාහයක් නොවන බවද, අනාගත දේශගුණික ආපදාවලට ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා රජයට හා සියලුම අදාල ආයතනවලට සහාය විය හැකි පරිදි ජාත්‍යන්තර සාක්ෂි, විද්‍යාත්මක තක්සේරු කිරීම් සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති නිර්දේශයන් එකඟතා සහිත උපායමාර්ගික රාමුවකට ගෙන එමින් ජාතික ප්‍රතිපත්ති සාකච්ඡාවලට නිර්මාණාත්මකව දායක වීම එම අදහස් දැක්වීමේ අරමුණ බවද විපක්ෂ නායකවරයා එහිදී පවසා ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading