ජනාධිපතිගේ ඩිජිටල් ආර්ථික උපදේශක හාන්ස් විජේසූරිය ජෝන් කීල්ස් අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වේ.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වී ඇති බව එම සමාගම නිවේදනය කර ඇත.

ඔහු ජුනි මස 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වී ඇති අතර ඔහුව එම සමාගමේ අධ්‍යක්ෂ ධුරයට පත්කර ඇත්තේ 2016 ඔක්තෝබර් මාසයේදීය.

ඔහු ඊට පෙර ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු සන්නිවේදන ක්ෂේත්‍රයේ තනතුරු කිහිපයක්ම දැරීය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading