කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් බස් ගාස්තු ඉහළට

කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදීමෙන් පසු වාර්ෂික සංශෝධනයට අනුව ජුලි මස 06 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ නංවා ඇත.

ඒ අනුව කිලෝමීටර 100ට අඩු සාමාන්‍ය සේවා බස් ගාස්තුව සියයට 12කින්, කිලෝමීටර 100ට වැඩි දුර ගමන් සේවා බස් ගාස්තුව සියයට 20 කින් ඉහළ දමා ඇති අතර අවම බස් ගාස්තුව රුපියල් 30 සිට 34 දක්වා වැඩි කර ඇත.

කිලෝමීටර 100ට අඩු කෙටි ගමන් සේවා වායු සමනය කළ බස් ගාස්තු සියයට 12කින් හා කිලෝමීටර 100ට වැඩි දුර ගමන් සේවා වායු සමනය කළ බස් ගාස්තු 15 කින් වැඩිකර තිබේ.

ජාතික ගමනා ගමන කොමිසම විසින් පත්කරන ලද කමිටුවක් විසින් සකස් කළ එම බස් ගාස්තු සංශෝධනය කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක විසින් ඉදිරිපත් කර තිබේ.

Author

Related Posts