රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව මෙන්ම වේගවත්ව ක්‍රියාත්මක කළ යුතු බව දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එමෙන්ම, පිරිවැය ආවරණය කෙරෙන ආකාරයේ බලශක්ති මිලකරණ ක්‍රමවේදයක් අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ද එම නියෝජිත කණ්ඩායම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
බදු අනුකූලතාව වැඩිදියුණු කිරීම, බදු පදනම පුළුල් කිරීම සහ හිඟ වියදම් නැවත ඇතිවීම වැළැක්වීම ඇතුළුව රාජ්‍ය මුදල් කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන ප්රයත්න අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව ද එම නිවේදනයේ සඳහන් වේ.
එවන් පැපජෝර්ජියෝ මහතා ඇතුළු ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම 2026 වසරේ ජුනි 24 සිට 30 දින දක්වා කොළඹ සංචාරය කළ අතර, මෑත කාලීන සාර්ව ආර්ථික ප්රවණතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමෙහි සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් බලධාරීන් ලබා ඇති ප්‍රගතිය සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණ විය.
