රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (ජුනි 30) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය වශයෙන් කටයුතු කළ සමයේදී අනුමත ක්‍රමවේදයෙන් පරිබාහිරව අනුමත කාර්ය මණ්ඩලයේ නොමැති තනතුරකට පුරප්පාඩු නොමැතිව සම්බන්ධීකරණ නිලධාරින් දෙදෙනෙකුට හා කළමනාකරණ සහකාර නිලධාරියෙකුට කොන්ත්‍රාත් පදනම මත පත්වීම් ලබාදී එවක මුදල් ඇමති රවී කරුණානායකගේ කාර්ය මණ්ඩලයේ සේවයට යොමු කිරීම ඇය අත්අඩංගුවට ගැනීම සඳහා හේතුවී තිබේ.
එම නිලධාරින් වෙතින් ජාතික ලොතරැයි මණ්ඩලයට කිසිදු සේවයක් ලබා නොගෙන ඔවුන් වෙත වැටුප් හා දීමනා ගෙවීම මගින් දූෂණය නැමැති වරද සිදුකිරීම ඇයට එරෙහි චෝදනාව වේ.
ඇයව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
රවී කරුණානායක මහතා වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ශ්‍යාමිලා පෙරේරා ලේකම් ධුරය දරන නව ප්රජාතන්ත්රවාදි පෙරමුණෙන් වන අතර එහි ජාතික ලැයිස්තුවේ නොපුරවා තිබුණ මන්ත්‍රී ධුරය සඳහා පත්කළ යුත්තේ කාවද යන්න පිළිබඳ එක්සත් ජාතික පක්ෂය හා ඔවුන් සමඟ එක්ව තරග කළ පක්ෂ අතර මතභේදයක් පවතින අවස්ථාවේදී ඇය රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසමට යවා තිබුනේ මැතිවරණයට එක්ව තරග කළ පක්ෂවල අනුමැතියෙන් තොරවය.
