පිල්ලෙයන් ජුලි 13 දක්වා කවදුරටත් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන මනුෂ්‍ය ඝාතන පහක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය ඇමතිවරයකු හා මහ ඇමතිවරයකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් ජුලි 13 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ ඔහුව අද (ජුනි 30) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

විශේෂ ආරක්ෂාවක් යටතේ පිල්ලෙයාන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණ අතර ඒ ඊට පෙර නඩු දිනයේදී ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට මඩකලපුව මහේස්ත්‍රාත්වරයා කරන ලද නියෝගයක් අනුවය.

මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුනි 15 වැනිදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Author

Related Posts