ජුනි 30 හෝ ඊට පෙර මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියේ සාර්ථකව ලියාපදිංචි වී සිටි සහ එම දිනයට පෙර පද්ධතියට පිවිස ලියාපදිංචි වීමට උත්සාහ කළ එහෙත් තාක්ෂණික දෝෂ හේතුවෙන් ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි වූ අයට ජුලි 07 වැනිදා මධ්‍යම රාත්‍රි 12 දක්වා දඩ ගැසීමකින් තොරව සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කරයි.
එහෙත් ජුනි 30 දිනට පෙර සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ අනෙකුත් පිරිසට ඒ සඳහා අගෝස්තු 31 දක්වා කාලය ලබාගත හැකි බවත්, නමුත් ඔවුන් දඩයකට යටත් වන බවත් එම කොමිසම අවධාරණය කරයි.
එමෙන්ම වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳව වන මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම සම්බන්ධව මතුවන ගැටලු පිළිබඳව එම කොමිෂන් සභාවේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අංශයේ 0767011954 සහ 0112587287 යන දුරකතන අංකයන් මගින් පමණක් නිරාකරණය කර ගන්නා ලෙසත් එම කොමිසම මහජනයාගෙන් ඉල්ලා සිටියි.
