ත්‍රිවිධ හමුදාව සිවිල් කටයුතු වෙනුවෙන් කඳවුරුවලින් එළියට- ජනාධිපති නියමය යාවත්කාලීන කරයි

ත්‍රිවිධ හමුදාව සිවිල් රාජකාරි සඳහා කඳවුරුවලින් පිටතට කැඳවීමේ අති විශේෂ ගැසට් පත්‍රය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් යළි යාවත්කාලීන කර ඇත.


ඒ අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වන වගන්තිය යටතේ 2026 ජුනි 27 දින සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් රටපුරා පිහිටි සියලු පරිපාලන දිස්ත්‍රික්ක හා ඒවාට අයත් ජල තීර වල කටයුතු සඳහා කැඳවීම ජුනි 26 දින සහිත අංක 2494/21 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් සිදුකර ඇත.


මීට පෙර ත්‍රිිවිධ හමුදාව සිවිල් කටයුතු සඳහා කැඳවීම ජනාධිපතිවරයා විසින් මැයි මස 27 දින සිට ක්‍රියාත්මක වන බවට නිවේදනයක් නිකුත් කර තිබුණි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading