පොලීසිය මිනීමරලාද? ගිං ගඟෙන් සොයාගත් මළ සිරුර පොලිසියේ ඝාතනයක්- පරීක්ෂණයක් කරන්න යැයි පොලිස්පතිගෙන් ඉල්ලයි

ජුනි 24 දින ගාල්ල ගිං ගඟේ පාවෙමින් තිබියදී සොයා ගන්නා ලද 29 හැවිරිදි තාරුක විරාජ් රශ්මික ද සිල්වා මහතාගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් ඉල්ලා තිබේ.


එම ඉල්ලීමේ සඳහන් කරන්නේ නීති විරෝධී ආකාරයෙන් අත්අඩංගුවට ගෙන ඇති විරාජ් රශ්මික ද සිල්වා මහතා 2026 ජුනි 20 හෝ ඒ ආසන්න දිනෙක බද්දේගම පොලීසියට රැගෙන ගොස් ඇති බවත්, ඒ බව එම අවස්ථාවේ බද්දේගම පොලිස් භාරයේ සිටි දේවගේ විහඟ දිනෙත් ජයසිංහ මහතා හඳුනාගෙන ඇති බවත්ය.


විරාජ් රශ්මික ද සිල්වාගේ දේහය හමුවන තෙක් ඔහුව අත්අඩංගුවට ගත් බවට පවුලේ සාමාජිකයන්ට දැනුම් දීමක්, නිල සටහන් යෙදීමක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමක් කර නැති බවත් එහි සඳහන් කර තිබේ.


එමෙන්ම මියගිය පුද්ගලයාව පොලිස් ස්ථානයේදී දුටු දේවගේ විහඟ දිනෙත් ජයසිංහ මහතා ජුනි 24 දින මත්ද්‍රව්‍ය චෝදනාවක් යටතේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇති බවත්, ඒ නිසා ප්‍රධාන සාක්ෂිකරුවා වන ඔහුගේ ශාරීරික ආරක්ෂාව තහවුරු කිරීමට වහාම පියවර ගන්නා ලෙසත්, ඔහුට එරෙහිව සිදුවිය හැකි ඕනෑම ආකාරයක පළිගැනීමක් හෝ තර්ජනයක් වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් ඒ මගින් වැඩිදුරටත් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading