සතොස කැරම් බෝඩ් නඩුව ජූලි 23 වැනිදා කැඳවීමට මහාධිකරණයෙන් නියෝග

කැරම් බෝඩ් සහ දාම් ලෑලි බෙදාහැරීමේ සිද්ධියකට අදාළව සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව ලබන ජූලි මස 23 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියම කර තිබේ.

මෙම නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව ජූලි 23 වැනිදාට කල් තැබීමට නියෝග කර තිබේ. නඩුව අද කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් වන හිටපු අමාත්‍යවරුන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටියහ.

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ලක්සතොස හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදී ගෙන බෙදා හැරීමෙන් රජයට රුපියල් මිලියන 39ක පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත, නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ මෙම නඩුව පවරා ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading