වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතන පනත් කෙටුම්පත, ස්වාධීන මතධාරීන්ගේ ප්‍රකාශන අයිතිය දැඩි සීමා කිරීමකට ලක්කරන එකක්

යෝජිත ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතන පනත් කෙටුම්පත මගින් මෙරට ඩිජිටල් සිවිල් අවකාශය සහ ස්වාධීන මතධාරීන්ගේ ප්‍රකාශන අයිතිය දැඩි සීමා කිරීමකට ලක්කිරීමේ බරපතල අවධානමක පවතින බව සමාජ මාධ්‍ය ප්‍රකාශනය සඳහා වූ සාමුහිකය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීමය ප්‍රමිති හඳුන්වාදීමේ සහ පවත්වාගෙන යෑමේ මුවාවෙන් කරළියට එන එම පනත් කෙටුම්පත ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී ස්වාධීන මාධ්‍යකරණය සහ වෘත්තීය විවේචනය සෘජුවම නිහඬ කරන මර්දනකාරි මෙවලමක් වීමේ ඉහළ විභවයක් පවතින බව එහි සඳහන්වේ.

මෙම පනත මගින් විනය පරීක්ෂණයකට යටත් කර යම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකුගේ වෘත්තීය ලියාපදිංචිය අවලංගු කළහොත් එහි බලපෑම හුදෙක් ආයතනික දඩුවමකට පමණක් සීමා නොවන බවද, දැනටමත් බලාත්මක ඔන්ලයින් පනත සහ යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සමඟ මෙම පනත් කෙටුම්පත එකිනෙකට බද්ධ වන මාරාන්තික ත්‍රිත්ව නීතිමය උගුලක් සක්‍රීය වන බවද එහි අවධාරණය කර තිබේ.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading