බලපත්‍රයක් නොමැතිව විදේශීය මත්පැන් විකුණු කොළඹ පෝර්ට්සිටියේ අවන්හලකට එරෙහිව කොළඹ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ජුනි 23 වැනිදා රුපියල් දෙලක්ෂ අසූ පන්දහසක දඩයක් නියම කර තිබේ.
එමෙන්ම එම අවන්හල සතුව තිබී අත්අඩංගුවට ගත් විදේශ මත්පාන් බෝතල් සියයකට ආසන්න ප්‍රමාණයක්ද රාජසන්තක කිරීමට නියෝග කර තිබේ. ලැබුණ තොරතුරක් මත සුරාබදු නිලධාරීන් විසින් ජුනි 21 වැනිදා එම අවහන්හල වටලා මෙම විදේශ මත්පැන් බෝතල් අත්අඩංගුවට ගෙන තිබේ.
එම අවහන්හල මීට වසර තුනකට පමණ පෙර කොළඹ පෝර්ට් සිටියේ ආරම්භ කර ඇති අතර එතැන් සිට මේ දක්වා මත්පැන් විකිණීම සඳහා බලපත්‍රයක් ලබාගෙන නැති බවද වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
