දහසය හැවිරිදි පාසල් සිසුවකු බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනාව මත උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියකු පමුණුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 22 වෙනිදා අත්අඩංගුවට ගෙන වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු මේ මස 26 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත්තේ මිරිගම, බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි අධිකරණ වෛද්‍ය නිලධාරියෙකි.
පොලිසිය සඳහන් කරන අන්දමට, සැකකාර වෛද්‍යවරයා විසින් මෙම පාසල් සිසුවා තම නිවසට කැඳවාගෙන ගොස් මෙම ලිංගික අපයෝජනය සිදුකර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන නිලධාරීන් විසින් පීඩාවට පත් සිසුවාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
විමර්ශන වලින් හෙළි වූ තොරතුරු මත “නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ලිංගික අපයෝජනයක් සිදුකිරීම” යන චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පමුණුගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉමල්ක සංජීවගේ ප්‍රධානත්වයෙන්, එම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකාර අධිකරණ වෛද්‍යවරයා කොටු කර තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සහ සිදු වූ සමස්ත සිදුවීම පිළිබඳව පමුණුගම පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
