2010 වසරේ සිට මේ දක්වා ආගමික නායකයින් 22 ක් රාජකාරි විදේශ ගමන් බලපත් ලබාගෙන ඇති අතර ඉන් ඕමල්පේ සෝභිත හිමි හා තවත් හිමිනමක් කාලය ඉකුත් වීමෙන් පසු එම රාජකාරි විදේශ ගමන් බලපත් අලුත් කර ඇතැයි අනාවරණය වේ.
ඒ බව අනාවරණය වී ඇත්තේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් විසින් ස්ථාවර නියෝග යටතේ ජුනි 23 අසන ලද ප්‍රශ්නයකට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල ලබාදුන් පිළිතුරු අනුවය.
ඕමල්පේ සෝභිත හිමිට අමතරව කිරිමැටියාන විමලවංශ හිමි කාලය ඉකුත් වීමෙන් පසු සිය රාජකාරි විදේශ ගමන් බලපත්‍රය අලුත් කර ඇත. රාජකාරි විදේශ ගමන් බලපත් ලබාගත් ආගමික නායකයින්ගෙන් දෙදෙනෙකු විදේශ ලිපිනයන් වල සිටින අතර 08 දෙනෙකු කොළඹ දිස්ත්‍රිකයේද, 03 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයේද, 05 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයේද, එක් අයකු බැගින් අනුරාධපුර, පුත්තලම, ගාල්ල හා ගම්පහ දිස්ත්‍රික්කවල ලිපින සඳහන් කර ඇති බවද එම පිළිතුරේ සඳහන් විය.
සිය රාජකාරි විදේශ ගමන් බලපත් අලුත් නොකළ සෙසු ආගමික නායකයින් ඉන්පසු සාමාන්‍ය විදේශ ගමන් බලපත් ලබාගත් බවද ඇමති ආනන්ද විජේපාල එහිදී පවසා ඇත.
