රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය ඳිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහි නඩුව නොවැම්බර් 17 වැනිදා යළි කැඳවීමට බදුල්ල මහේස්ත්‍රාත් උදිත් ගුණතිලක නියම කර ඇත.
ඒ එම නඩුව ජුනි 23 වැනිදා කැඳවූ අවස්ථාවේදී වන අතර එදින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා වශයෙන් කටයුතු කළ 2016 වසරේදී පෙර පාසල් ළමුන්ට පොත් බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට චෝදනා එල්ල වී ඇත.
ඔහුට පොදු දේපල පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු පවරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද ඔහු ඇප මත මුදා හරින ලද්දේ මැයි 09 වැනිදාය.
