නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කිරීමට ජනාධිපතිගෙන් කමිටුවක්

නැගෙනහිර පළාත් ඉඩම් ආරක්ෂා කිරීම නමින් දකුණු පළාත් හිටපු ඉඩම් කොමසාරිස් හා දකුණු පළාත් වත්මන් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව පත්කර ඇත.

එම යෝජනාව සඳහා හේතු වී ඇත්තේ දේශපාලන බලය හා දේශපාලන හිතවත්කම් අනිසි ලෙස භාවිත කරමින් හා බලහත්කාරයෙන් සිදු කෙරෙන නීති විරෝධී ඉඩම් අල්ලා ගැනීම්, අනවසර ඉඩම් ගොඩකිරීම් සහ වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් හේතුවෙන් නැගෙනහිර පළාතේ සමාජීය, ආර්ථික හා පරිපාලනමය ගැටලු රැසක් උද්ගතවී තිබීමය.

මීට අමතරව ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ ඒකකයක් වහාම ස්ථාපිත කිරීමට සහ දේශපාලන බලය භාවිත කරමින් සිදු කෙරෙන සියලුම අනවසර ඉඩම් අල්ලා ගැනීම් හා ගොඩකිරීම් නතර කිරීමට ආරක්ෂක අංශ වෙත පූර්ණ බලතල ලබාදීමටද තීරණය කර ඇත.

මහවැලි අධිකාරිය විසින් වසර 05 කට හෝ ඊට පෙර වාණිජ වටිනාකමකින් යුතුව ලබාදී ඇති මුත් මෙතෙක් කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නොමැති ඉඩම් රජයට පවරා ගැනීමටද ඒ යටතේ තීරණය කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading