රේගුව භාරයේ තිබූ කහ කිලෝ 33,864ක් හොරකම් කරලා

විනාශ කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව භාරයේ තිබූ කහ කිලෝ 33,864 ක තොගයක් සොරකම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ජුනි 22 දැනුම් දී ඇත.

එම කහ තොගය බහලුම් තුනක අඩංගු කර සේදවත්ත ප්‍රදේශයේ අංගනයක තිබී ඇති බවත්, ලද පැමිණිල්ලක් මත එම විමර්ශනය සිදුකරන බවත් පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව අධිකරණය නියෝග කර ඇත්තේ සිදුවීමට අදාළ විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading