ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරි අත්අඩංගුවට

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ප්‍රති ඇණවුමක් හරහා හම්බන්තොට ලුණු සමාගම වෙත ලක් ලුණු ඇසුරුම් ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරි රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න අද (ජුනි 19) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අත්අඩංගුවට ගෙන තිබේ.

එම ඇසුරුම් ලබා ගැනීම මගින් රුපියල් එක්කෝටි හතලිස් තුන් ලක්ෂයක (රු. 14,300,000) කට ආසන්න මුදලක් රජයට පාඩු සිදුකිරීම හා සැපයුම්කාර සමාගමට අයුතු වාසියක් සිදුකිරීම යන දූෂණය නැමැති වරද යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading