අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) නියෝග කළේය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියම කළ අතර මීට අමතරව සැකකරුට විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ අධිකරණය, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණ භාරයට ගන්නා ලෙසද දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියට බැඳීමට අදාළව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
