තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිළිණි පියුමාලි සහ එහි අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන යන අයට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා මුළා කර, රුපියල් මිලියන 80 කට වැඩි මුදලක් වංචා කිරීමේ චෝදනා යටතේ කොළඹ මහාධිකරණය ඉදිරියේදී ඊයේ (11) අධිචෝදනා කියවා භාර දී තිබේ.
රජයේ අධිනීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු ලෙස සාක්ෂි දෙමින් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ, විත්තිකාරියන් කෙරෙහි තමන් තුළ කිසිදු සැකයක් ඇති නොවීමට ඔවුන් පවත්වාගෙන ගිය සුඛෝපභෝගී ජීවන රටාව හේතු වූ බවයි.
ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටා තිබීමත්, ඔවුන් පරිහරණය කළ ඉතා මිල අධික වාහනත් නිසා තමන් තුළ ඔවුන් කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති වූ බව අසාත් සාලි ප්‍රකාශ කළේය. එමෙන්ම, තමන් එම කාර්යාලයට යන අවස්ථාවලදී පවා මෙරට ඉහළ පෙළේ ප්‍රමුඛ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු මුදල් ආයෝජනය සඳහා එහි රැඳී සිටිනු දක්නට ලැබුණු බැවින්, වෙනත් කිසිදු සොයා බැලීමකින් හෝ වගවිභාගයකින් තොරව තමා සතු මුදල් එහි ආයෝජනය කිරීමට පෙළඹුණු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
නීතිපතිවරයා විසින් ගොනු කර ඇති මෙම නඩුවට අනුව, විත්තිකාරියන් දෙදෙනා විසින් 2022 වසරේ මැයි 30 වනදා සහ ජූලි 30 වනදා අතර කාලසීමාව තුළදී අසාත් සාලි මහතා මුළා කර රුපියල් මිලියන 80කට අධික මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන ඇත.
එමෙන්ම, එම මුදල් වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක වටිනාකමකින් යුත් අගරු වූ (Bounce වූ) චෙක්පතක් ලබා දීම සම්බන්ධයෙන් ද මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

ජානකි සිරිවර්ධන කිසිම අවස්ථාවක තිලිණි ප්‍රියමාලිගේ තිකෝ සමුහ ආයතනයේ අධ්‍යක්ෂක ධුරයක් දැරුවේ නැත.ජානකි සිරිවර්ධන යනු ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් (ද වන් ට්‍රාන්ස්වර්ක්ස්) ආයතනයේ අධ්‍යක්ෂකවරියයි.