ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ගැනීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අද (12) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ගොනු කරන ලද පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු විය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ශී හේරත් මහත්මිය අධිකරණයට පෙන්වා දුන්නේ, දැනට ඉදිරිපත් වී ඇති කරුණුවලට අනුව පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් මතු වී නොමැති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අභියාචනාධිකරණය විසින් මෙම රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා එළඹෙන ජුනි 17 දින නැවත කැඳවීමට නියෝග කරන ලදී.
