අවිධිමත් ආකාරයෙන් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් තමන්ට නියම කෙරුණු වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම සහ දඩයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය විසින් ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය විසින් අද (11) ප්‍රතික්ෂේප කරනු ලැබුවාය.
ඒ අනුව, ඇයට මින් පෙර නියම වී තිබූ දඬුවම් එලෙසම ක්‍රියාත්මක වනු ඇත.
අසත්‍ය ලේඛන ඉදිරිපත් කරමින් ව්‍යාජ තොරතුරු මත අවිධිමත් අයුරින් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට ශෂී වීරවංශ මහත්මිය වරදකාරිය බවට කොළඹ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් 2022 මැයි 27 වැනිදා තීන්දු කරන ලදී.
ඒ අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර 02ක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක (100,000) දඩයක් සහ දඩය නොගෙවන්නේ නම් තවත් මාස 6 ක සිර දඬුවමක් නියම කෙරිණි.
එමෙන්ම, මෙම නීතිවිරෝධී ක්‍රියාවලියට ආධාර අනුබල දුන් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව අවශ්‍ය පියවර ගැනීම සඳහා නඩු තීන්දුවේ පිටපතක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා එදින නියෝග කළේය.
කෙසේ වෙතත්, එලෙස සිරදඬුවම් නියම වීමෙන් අනතුරුව, විත්තිකාරියගේ නීතිඥවරුන් විසින් එම තීන්දුව අභියෝගයට ලක් කරමින් කොළඹ මහාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කරන ලදී. එම අභියාචනය ඉදිරිපත් කිරීමේ පදනම මත, ඇයට ඇප ලබා දෙන ලෙස ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුමක් ද ඉදිරිපත් කෙරිණි.
විත්තිකාරියට එරෙහිව වෙනත් පවතින නඩු හෝ පෙර වැරදි කිසිවක් නොමැති වීමත්, අභියාචනය විමසා බැලීමට විශාල කාලයක් ගතවීමත් යන කරුණු සුවිශේෂී තත්ත්වයන් ලෙස සලකා බලා, දඬුවම් නියම වී දින 4කට පසු (2022 මැයි 31 දින) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් ඇයට ඇප ලබා දෙන ලදී.
2015 ජනවාරි 23 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ආගමන හා විගාමන පනත යටතේ මෙම නඩුව පවරනු ලැබීය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී තිබුණේ, එක් දින සේවාව යටතේ මෙම විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කර තිබුණද විත්තිකාරිය එම කවුළුව වෙත හෝ නොගොස්, ඇමති බිරිඳක් ලෙස සිය නිල බලය අවභාවිත කරමින් වක්‍ර මාර්ගයෙන් අදාළ බලපත්‍රය ලබාගෙන ඇති බවයි.
එලෙස ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ කොළඹ මහාධිකරණය, අද (11) එම අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කිරීමත් සමඟම ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ලබා දී තිබූ සිරදඬුවම ස්ථිර වී තිබේ.

කවදද ගෑනි හිරේට යන්නේ
ජයරාජ් ෆැනාන්ද පුල්ලේ LTTE හරහා මැරුවේ බැසිල්. බැසිල්ට ගම්පහට චන්දයට එන්න ඕනේ නිසා. එම සිද්ධිය සඳහා ගම්පහ භාරව සිටි ලක්ෂ්මන් කුරේ නැමති පොලිස් ලොක්කා විහින් සාක්ෂි නැතුව ගෝඨා ගේ අභිමතය පරිදි D/O පිට D/O ගහලා PTA එකෙන් මහින්ද 7 years plus අධිකරණයට ඉදිරිපත් නොකොට තියාගෙන හිරකරගෙන හිටියා. යහපාලන ආණ්ඩුවෙ තමා අධිකරණ වලිය පටන් ගත්තේ .Year2022 කුරේ මහතා අධිකරණයෙන් නිදොස් කොට නිදහස් වුණා. කර්මය පල දෙන වා. සුරේෂ් ට දැන් තියෙන්නේ ඇත්ත කියලා රජයේ සාක්ෂිකාරයෙක් වෙලා යහතින් අඹු සැමියෝ සමග ජීවත් වෙන්නයි. රාජපක්ෂලාට ගොට්ට අල්ලන්න ගිහින් කර්මය පලදෙනවා දැන්. ඒකනේ එයාගේ ආදරණීයwife කියන්නේ එයාව ස්කේප් ගෝඩ් (scape goat)කරලා තියෙන්නේ කියලා රාජපක්ෂලා. රාජපක්ෂලා සුරේශ්ව මරනවා පොලේනියම් නමැති රසායන බින්දුවයි දශම දශම එකක් ප්‍රමාණයක්ඇඟට විදලා හරි මරනවා. පාස්කුපහාරයේ අහිංසක ජීවිත කීයක් මරපු රාජපක්ෂලා ඔවුන්ගේ සහචරයන්ට සුරේෂ් මරණ එක කාජ්ජක්දහලෝ? . සුරේෂ්ඨ තියෙන්නෙ 127 එකක් කරලා ඇත්ත කියන්න විතරයි. සුරේෂ් අඩංගුවේ එකේ ඉන්නේ අසාද් මවුලානාගේ( only 4 th witness) ප්‍රකාශයට නොව, පළමුවැනි 1/2&3 තුන්වැනි කාරුවන්ගේ බිඳින්න බැරි සාක්ෂි මතයි. රාජපක්ෂ නඩය කලබලේ.