භාණ්ඩ හා සේවා අපනයනයෙන් ලබන ඉපැයීම් රටට ගෙන්වා ගැනීමෙන් පසු අවසරලත් ගෙවීම් සඳහා පමණක් භාවිතා කර අපනයන ආදායමේ ඉතිරි ශේෂය ඊලඟ මාසයේ 10 දින හෝ ඊට පෙර ශ්රී ලංකා රුපියල් බවට අනිවාර්යෙන්ම පරිවර්තනය කළ යුතු බවට ශ්රී ලංකා මහ බැංකුව විසින් රීතියක් පනවා ඇත.
ජුනි 09 දින සහිත අති විශේෂ ගැසට් පත්රයක් මගින් ශ්රී ලංකා මහ බැංකු පනත යටතේ එහි පාලක මණ්ඩලයේ සභාපති හා මහ බැංකුවේ අධිපති වශයෙන් නන්දලාල් වීරසිංහ විසින් 2026 අංක 02 දරන අපනයන ඉපැයීම් ශ්රී ලංකාවට ගෙන ඒමේ රීති යනුවෙන් එය ප්රකාශයට පත්කර ඇත.
2024 ජූලි 01 දින අංක 2391/02 අති විශේෂ ගැසට් පත්රය මගින් මීට පෙර ප්රකාශයට පත්කර තිබූ රීතිය මේ මගින් සංශෝධනය කර ඇති අතර එහි සඳහන් කර තිබුනේ භාණ්ඩ හා සේවා මත වන අපනයන ඉපැයීම් අවසරලත් ගෙවීම් සඳහා පමණක් භාවිත කර ශේෂය එකී ආදායම ලැබූ මාසයද ඇතුළුව ලිත් මාස තුනක් ඉකුත්වීමෙන් පසු එළඹෙන මාසයේ 10 දින හෝ ඊට පෙර ශ්රී ලංකා රුපියල් බවට අනිවාර්යෙන්ම පරිවර්තනය කළ යුතුය යන්නයි.
