හිටපු ප්‍රධාන ඇමති ශාන් විජයලාල් ද සිල්වා අත්අඩංගුවට

දකුණු පළාත් හිටපු ප්‍රධාන ඇමතිවරයකු වූ ශාන් විජයලාල් ද සිල්වා දූෂණ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (ජුනි 10) අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍යාංශ විෂය පථය යටතේ පවත්වාගෙන යනු ලබන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් 2019 වර්ෂයේ ක්‍රියාත්මක කර ඇති රුපියල් මිලියන 16.5ක් වන පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් ස්වෙච්ඡා සමිති සඳහා පුටු ලබාදීම වෙනුවෙන් නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සැලසීම සහ මිලදී ගන්නා ලද පුටු 16,361ක් දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ නිවාස හා කාර්යාල වෙත ප්‍රවාහනය කර භාරදීමට කටයුතු කිරීම මගින් රජයට පාඩු සිදුකිරීම මගින් දූෂණය නමැති වරද සිදුකිරීම ඔහුට එරෙහි චෝදනා වේ.

අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් හිටපු ප්‍රධාන ඇමති ශාන් විජයලාල් ද සිල්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කර ඇත.

Author

Related Posts