සලේ නිදහස් කර ගැනීමේ සත්‍යග්‍රහය රෑට බජව්වක්

දැනට රඳවා ගැනීමේ නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉන් නිදහස් කරන ලෙස බලකරමින් කොටුව දුම්රියපල ඉදිරිපිට පවත්වන සත්‍යග්‍රහය රාත්‍රියේදී සින්දු කියමින් ඉතා විනෝදකාමිව පවත්වන බජව්වක් බවට පත්වී තිබේ.

සින්දු කියමින් විනේදකාමිව පවත්වන සත්‍යග්‍රහයේ රාත්‍රි කාලයේ දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වන්නට පටන් ගෙන ඇති අතර ඒවා සත්‍ය දර්ශන බව අප කළ විමසීම්වලදී එම අවස්ථාවට සහභාගි වූ අයගෙන් තහවුරු කර ගැනීමට හැකි විය.

‘ස්ටෑන්ඩ් අප් ෆෝ සලේ’ යනුවෙන් විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් විසින් එම සත්‍යග්‍රහය ආරම්භ කළ අතර අද (ජුනි 10) පෙරවරුවේ විමල් වීරවංශ යළි ශෝකාකූල මුහුණින් යුතුව එම සත්‍යග්‍රහයට එක්වෙනු දක්නට ලැබීය.

තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයෙන් වෙනත් රැඳවුම් ස්ථානයකට මාරු කරන ලෙස ඉල්ලමින් සුරේෂ් සලේ ආහාර ප්‍රතික්ෂේප කරමින් උපවාසයක් ආරම්භ කළ අතර ඒ හේතුවෙන් රෝහල්ගත කරන ලද ඔහු මේ වනවිටත් ආහාර නොගනිමින් සිටින බව ඔහුගේ බිරිඳ මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading