සලේගේ ලෙඩේ හොයන්න වෛද්‍ය මණ්ඩලයක්

රැඳවුම් නියෝග මත සිටින රාජ්‍ය බුද්ධිසේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී වධහිංසාවට භාජනය වී ඇතිදැයි පරික්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීම අද (ජුනි 10) සිදුකළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් අනුව කොටුව මහේස්ත්‍රාත්වරයා එම පත් කිරීම සිදුකළ අතර ඒ අනුව එම වෛද්‍ය පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදුකරන ලෙසත්, එම වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාව ඊලඟ නඩු දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.

සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස මීට පෙර නඩු දිනයේදී නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර ඒ අංගොඩ ජාතික මානසික වෛද්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍යවරයා සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තාව ප්‍රතික්ෂේප කරමිනි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading