සලේ වෙනුවෙන් කරන්නේ සයි ඔප්ස් එකක්! – විශේෂ යුධ වාර්තාකරුවෙකු ලියයි

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වෙනුවෙන් විපක්ෂය නඟන මේ ගෝෂාව පිටුපස ඇති අරමුණ කුමක්ද. සලේ ප්‍රගුණ කර ඇති බුද්ධි භාෂාවෙන්ම කියනවා නම් මේ ක්‍රියාත්මක වෙන්නේ “සයි ඔප්ස් එකකි.

“සයි ඔප්ස් “යන හමුදා වදනේ සිංහල අරුත මනෝමූල මෙහෙයුමය.

යුද හමුදාව මෙහෙයුම් කරන්නේ අවිආයුධ වලින් පමණක් නොවේ. මතවාද ගොඩනැගීමට ද ඇතැම් මත දුර්වල කිරීමටද යුද හමුදාව යුද්ධ කරන්නේ මොළයෙනි. ඒ සඳහා යුද හමුදා මුලස්ථානයේ මනෝ මූල මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයක් පිහිටුවා ඇත. එය යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ,සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ තරමට නැතිමුත් ඊට ආසන්න ජ්‍යෙෂ්ඨවය ඇති අංශයකි.

මනෝමූල මෙහෙයුම් සඳහා බුද්ධි නිලධාරිහු විශාල දායකත්වයක් දෙති.

යුද හමුදාවේ බුද්ධි න්‍යායාචාර්යවරයෙක් ලෙස ප්‍රකටද සිටි සුරේෂ් සලේට මනෝමූල මෙහෙයුම් ගැන අමුතුවෙන් ඉගැන්විය යුතු නැත.

සලේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස ගෝඨාභය පාලනය යටතේ පත් වූ පසු නීතිඥ හිජාස් හිස්බුල්ලා හා අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ට එරෙහිව කළ මාධ්‍ය මෙහෙයුම මනෝමූල මෙහෙයුම් වලට හොඳම නිදසුනය.

සලේ පාස්කු දින ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් නිතිඥ හිජාස් මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දෙන අයෙක් ලෙස කිවේය. ඉක්බිතිව මාධ්‍යවේදන් දෙදෙනෙක් නිතිඥවරයාට එරෙහිව දිගින් දිගමට ලියමින් ඔහු මව්පියන් නැති අසරණ දරුවන්ව මරාගෙන මැරෙන බෝම්බකරුවන් කරන මහමොළ කරු ලෙස හැඳින්විය..

ඒ අතරේ නිශාන්ත සිල්වාට එතෙක් නැති කන්දප්පා වාසගමක් එක් කරමින් මේ මාධ්‍යවේදිහු දෙදෙනා ලිපි ලියුහ.

නිශාන්ත සිල්වාගේ පියාගේ ජාතිකත්වය උලුප්පා දමමින් ලියු එම ලිපිවලින් බලාපොරොත්තු වුයේ ඔහු දෙමළ ජාතිකයකු නිසා එල්ටිටිඊයේ න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන බවය. නිශාන්ත ද සිල්වාට එරෙහිව එවැනි මඩ ප්‍රහාරයක් එල්ල කිරිමට හේතුව ඔහු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ පිරිසක් කළ ඝාතන ,පහරදීම්,පැහැරගෙනයාම හා පාස්තු ප්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්වු ප්‍රධාන විමර්ශන නිලධාරියකු විමය

ඔවුන් දෙදෙනාට එරෙහිව ලියු මාධ්‍යවේදින් දෙදෙනාට සුරේෂ් සලේ විශ්‍රාම යාමට පෙර කරන්දෙනියේ පිහිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා මුලස්ථානයේදි මත්පැන් සංග්‍රහයක් ද පැවැත්විය.

එක් මාධ්‍යවේදියක් ඩෙංගු සැදී අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහුගේ සහයට ලඟ සිටියේද රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකි.මේ මාධ්‍යවේදියාගේ කාරයේ තෙල් හොරකම් කිරීමක් ගැන එකල සු⁣රේෂ් සලේගේ අණ පරිදි රාජ්‍ය බුද්ධි සේවය පරික්ෂණයක් ද පැවැත්විය.රාජගිරියේදි මේ කාරය ක්‍රියා විරහිත වු මෙහොතේ රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද ඒ ස්ථානය⁣ට පැමිණ තිබුණි.

මෙසේ තෝරාගත් විශේෂ පිරිසක⁣ට සලේගේ සමයේ පහසුකම් ⁣දුන්නේ සිය මනෝමූල මෙහෙයුම් සඳහා මාධ්‍යයේ සහය ගැනීමටය.

ඉතිං මේ කලාව ප්‍රගුණ කර ඇති සලේ දැනුත් ක්‍රියාත්මක කරමින් ඉන්නේ මනෝ මූල මෙහෙයුමකි. තමා මරණාසන්න කියමින් අවසාන කැමැත්ත ලිවීම ඇස් දන්දීම ආදි ද බිරිඳගේ හා පුතාගේ හැඟුම්බර කතා ද බෝධිපූජා ඊට හොඳ ආයුධය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස මාරාන්තික උපවාස කරන සලේ ,බලය තිබියදීම නිතිඥ හිජාස් රඳවා තැබුවේ ද මේ පනත යොදාගෙනය.

තම සැමියාගේ චරිතට නසන්න එපා යනුවෙන් සලේ මහත්මිය ආයාචනා කළ ද එදා නිතිඥ හිජාස් ඉස්ලාම් අන්තවාදියකු බව කියමින් ඔහුගේ චරිතට විනාශ කළේ ද ඇගේ සැමියා බව සිහි කිරීම වටි.

ඉස්ලාම් බැතිමතුන් ශරීර කොටස් දන් දෙන්නේ ද නැත. වෙනත් ආගමික වතාවත් පැවැත්වීම ඔවුන්ට අකැපය. ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමය වැඩියෙන්ම ඇස් දෙන්නේ මුස්ලිම් රටවල්වලටය. ඒ ඒ රටවල්වල ඇස් දන් නොදෙන නිසාය.

වරක ලංකාවට ආ පකිස්ථාන ජානාධිපති සියා උල්හක් ගේ මාධ්‍ය ආවරණයට ඉඩ නොදුන්නේ ඔහු මල් වට්ටියක් රැගෙන යන ක්‍රියාවක් වැඩසටහනේ තිබූ නිසාය. එම මල් වට්ටිය නිසා තමාට ප්‍රශ්නයක් වන බව ඔහු දැන සිටියේය.

ඒ අතින් බලන කළ සුරේෂ් සලේලා ඇස් දන් දෙමින් ⁣බෝධිපුජා පවත්වමින් කරන රැඩිකල් වෙනස අගය කළ යුත්තේය. තක්කඩියාගේ අවසාන ආවරණය ආගම යනුුුුවෙන් කතාවක් ඇති බව ද අප මතක තබා ගත යුතුය.

Author

1 Comment

  • අයියෝ සලේ මෙහෙම සලේට තමයි මුං නහින්න හදන්නේ , අර යුද්දේ දිනපු වීරයා සරත් fonsekaව කිසිම හේතුවක් නැතිව හතරගාතෙන් කුදලාගෙන යනකොට ඔය වීරවංශලා ,ගම්මන්පිලලා , ඇතුළු සෙට් එක කොහේද හිටියේ ,

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading