අත්අඩංගුවේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සාලේ මහතාට සාධාරණයක් ඉටු කරදීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා ඒ මහතාගේ බිරිඳ වන මනෝරි සාලේ මහත්මිය සහ ඔහුගේ පුත්‍රයා අද (08) මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනම බැහැදැක තිබේ.
මෙම විශේෂ හමුවේදී මනෝරි සාලේ මහත්මිය විසින් මහා නාහිමිවරුන් වෙත විශේෂ ලිපියක් ද භාර දී ඇත.
මාධ්‍යයට කලින් දැනුම් දීමකින් තොරව ඔවුන් මෙම හමුව සඳහා පැමිණ ඇති අතර, එහිදී පැයකට අධික කාලයක් මහා නාහිමිවරුන් සමග අදහස් හුවමාරු කරගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
