පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන සිටින හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ වෙනුවෙන් හිටපු ඇමති විමල් වීරවංශ සිදුකරන උපවාසයේ සුරේෂ් සලේගේ උපවාසයට අදාළ සටන් පාඨය නැත.
අද (08) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී හිටපු ඇමති විමල් වීරවංශ සුරේෂ් සලේ වෙනුවෙන් උපවාසයක් ආරම්භ කළ අතර එහි ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම’ යන සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ සිදුකළ මාරාන්තික උපවාසයට අදාළ සටන් පාඨය දක්නට නොලැබේ.
විමල් වීරවංශගේ මෙම උපවාසය ආරම්භ කරන අවස්ථාවට හිටපු මැති ඇමතිවරුන් වන ටිරාන් අලස්, උයද ගම්මන්පිල, ජයන්ත සමරවීර, මධුර විතානගේ ඇතුළු පිරිසක් සහභාගි විය.
