පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ ඔහුගේ කීර්ති නාමයට හානියක් කළේ යැයි තමාට එරෙහිව පවරා තිබූ නඩුව සමතයට පත්කර ගැනීම සඳහා කැමැත්ත ප්‍රකාශ කළද, එය ප්‍රතික්ෂේප කළ බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය අධ්යක්ෂ සිරිල් ගාමිණි පියතුමා පවසයි.
කොළඹ අගරදගුරු මැදුරේ අද (ජුනි 08) ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සිරිල් ගාමිණී පියතුමා ඒ බව පැවසූ අතර එම අපහාස නඩුවේ පළමු දින කටයුතු අවසන් වීමෙන් පසු සුරේෂ් සලේ එසේ පැවසූ බවත්, එහිදී සුරේෂ් සලේ තමාව අපහසුවට පත්කරන්න එම නඩුව නොපැවරූ බව හා ඔහුගේ නම ආරක්ෂා කරගන්න එම නඩුව පැවරූ බව ප්‍රකාශ කරමින් අපිට සමතයකට පත්වෙන්න පුළුවන් යැයි පැවසූ බවද සිරිල් ගාමිණි පියතුමා විස්තර කළේය.
එම අවස්ථාවේ පියතුමෙකු හා ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා ඇතුළු නීතිඥ කණ්ඩායම සිටි බවත්, සමතයට පත්වීම සඳහා ඔහුගේ කොන්දේසි කුමක්ද යන්න පියතුමා විමසූ විට තමා කර ඇති ප්‍රකාශයෙන් ඔහුගේ නම ඉවත් කරන ලෙස සුරේෂ් සලේ පැවසූ බවත්, එයට පිළිතුරු ලබාදෙමින් ඔහුගේ නමත් සමඟ එම ප්‍රකාශය දැනටමත් කර ඇති බැවින් එය ඉවත් කරගන්නේ නැති බව තමා පැවසූ බවත් පියතුමා ප්‍රකාශ කළේය.
එමෙන්ම එම නඩුව සමතයකට පත්වෙන්නට අවශ්‍ය නැති බවත් එම නඩුව දිගටම කරගෙන යමු යනුවෙන් තමා පැවසූ බවත් පියතුමා වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් පැවසීය.
සුරේෂ් සලේ සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය හරි යැයි අදටද විශ්වාශ කරන බවද, ඔහුව අත්අඩංගුවට පත්වීම හා විමර්ශන සිදුකිරීම අපහාස නඩුවට සම්බන්ධයක් නැති බවද සිරිල් ගාමිණි පියතුමා අවධාරණය කළේය.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන කිසිදු හේතුවක් මත නැවතිය යුතු නැති බවද, එහි සැලසුම්කරුවෝ කවුද යන්න සොයා ගැනීම වින්දිතයින්ගේ අයිතියක් බවද, විමර්ශනවලට දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනඥයින් ඇඟිලි නොගැසිය යුතු බවද පියතුමා තවදුරටත් අවධාරණය කළේය.
