හිටපු ඇමති චන්ද්‍රානි බණ්ඩාරට එරෙහි නඩුව ජුලි 09 යළි විභාගයට

හිටපු ඇමතිවරියක වූ චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුලි 09 වැනිදා දක්වා කල් දමා තිබේ.

ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ අද (ජුනි 08) කැඳවා සාක්ෂි විමසීම් සිදුකිරීමෙන් පසුය.
2019 වර්ෂයේදී නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පුද්ගලයකු පත්කිරීම, නිත්‍යානුකූල නොවන ආකාරයට සිය හිතවතුන් විවිධ තනතුරුවලට පත් කිරීම සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි හිටපු ඇමතිවරියට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading