පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ ඊයේ (07) කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (08) මෝසමක් ගොනු කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම මෝසම ඉදිරිපත් කර ඇත.
හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු හිටපු බුද්ධි ප්‍රධානියා මේ වන විට ජාතික රෝහලේ 42 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
